2026 අයවැය සදහා අදහස් හා යෝජන ලබාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරුන් සමග සාකකච්චාක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විනි. මේ සදහා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ද එක්වුනා.
ඉදිරි අයවැයේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට ප්‍රමුඛස්තානය ලබාදීමේ අරමුණ ජනාධිපතිවරයා මෙහිදී අවදාරනය කලා.
දිස්ත්‍රික් මටටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා අවදානය යොමු කල අතර යටිතල පහසුකම් සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හදුනාගැනීම හා එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම කෙරේද ජනාධිපතිතුමා අවදානය යොමු කලා.
මෙම සාකච්චාවට දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපතිවරු ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික කුමා නායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුලු නිලධාරීන් එක්ව සිටියා.