“හිංසනයෙන් තොර සුරක්ශිත පරිසරයක් නිර්මාණය කිරීම” මැයෙන් කොලඹ දිස්ත්‍රික් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරුනි.
පාසල තුල හිංසනයට ලක්ව කැඩී බිදී ගිය දරුවකු නොව ප්‍රියජනයක ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියෙන් අගයක් එකතු වී සතුටින් නිවස කරා පිය නගන දරුවෙකු බිහි කිරීම මෙහි අරමුණයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව එක්වයි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කලේ. වැඩසටහන අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්වුණා.
පාසලේ දී පමණක් නොව නිවස, මහමග, සයිබර් අවකාශය වැනි සමස්ත අවකාශය තුලදීම හිංසනයට දරුවන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් වර්තමානයේ පවතින බව වැඩසටහනට එක්වූ ආචාර්‍ය හරිනි අමරසූරිය පවසනවා.
සමස්ත ළමා ආරක්ශන පරිසරයම දුර්වල වී තිබේ. මෙලෙස සියලු අංශ වලින් පීඩාවට පත්ව ඇති දරුවන් පාසල තුල හෝ ආරක්ශිතව රැක බලා ගැනීම සියලු දෙනාගේම වගකීමක් බව අග්‍රාමාත්‍යතුමිය සදහන් කලාය.
හිංසනයට ගොදුරු වීම අවම කිරීම නොව සම්පූර්ණයෙන්ම වලක්වා ගැනීම අපගේ අරමුණ විය යුතුය.
පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ ආරක්ශනය සම්බන්ධයෙන් දෙමාපියන්ට විශ්වාසය තහවුරු කර පවත්වාගත යුතු බවත් දරුවන් සම්බන්ද ගැටලු වලදී නිවැරදි දත්ත වාර්තා ලබා ගැනීම හා එම දරුවා අදාල ආයතන කරා යොමු කිරීමත් සිදු විය යුතුය.
සිදු වීමකදී ආරක්ශා විය යුත්තේ චූදිතයා ද, පාසලේ කීර්ති නාමය ද, විදුහල්පතිවරයා හෝ වෙනත් පාර්ශවයක් ද යන්න නොව හොදම දේ දරුවන්ට යන තේමාව බවත් ඒ අනුව ලමා හිංසනයට තිත තැබීම සිදු විය යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩි දුරටත් පැවසුවාය.