අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 ක පුද්ගලයින් 1757 ක් පීඩාවට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09කට අයත් පවුල් 485කට අයත් පුද්ගලයින් 1,757 ක් පීඩාවට පත් වී ඇත. නිවාස හානි සළකා බැලිමේදී පූර්ණ නිවාස හානි 03ක්ද අර්ධ වශයෙන් හානියට පත් වූ නිවාස සංඛ්‍යාව 1,757 කි.

තද සුළං සහ ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික අකුණු ඇති විය හැක.

ඇතිවිය හැකි අනතුරු හා අධික වර්ෂාව නිසා ඇති වන ගංවතුර හා නාය යෑම් අවදානම අවම කර ගැනීමට පූර්ව සූදානම් පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් පීඩාවට පත් වී ඇත්නම් හෝ දැනුවත් කිරීම සඳහා 117 දුරකථන අංකයට දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *