රී ලංකාව සිය සිවිල් ලියාපදිංචි කිරීමේ සහ වැදගත් සංඛ්‍යාලේඛන (CRVS) පද්ධතිය නවීකරණය කිරීම සඳහා පරිවර්තනීය ගමනක් ආරම්භ කර ඇතැයි එක්ෂත් ජාතීන්ගේ ධරණිය සංවර්ධන පොදු ප්‍රකාශනයකින් පෙන්වාදෙයි. මේ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහාය ඇතිව සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා SDG අරමුදල හරහා අරමුදල් සපයයයි. දැනට ක්‍රියාත්මක පුළුල් ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය මගින් මෙය ක්‍රියාවට නංවා ඇත. එමගින් ‘OneRegistry’ ලෙස නම් කර ඇති ඩිජිටල් මුලපිරීම මගින් එකම වේදිකාවක් මගින් සාම අංශයකටම ප්‍රවේශය ලබාගත හැකි පුළුල් ඩිජිටල් බවට පරිවර්තනයක් අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවට, විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම, දරුවෙකු පාසලට ඇතුළත් කිරීම, සමාජ ආරක්ෂාව ලබා ගැනීම වැනි මූලික සේවාවන් වෙත ප්‍රවේශ වීම දැනට සිදුවන්නේ සරල ආකාරයෙනි. නිවැරදි ලියකියවිලි තිබීම අත්‍යාවශ්‍ය නමුත් බොහෝ දෙනෙකුට, එවැනි තීරණාත්මක ලියකියවිලි සපයන සිවිල් ලියාපදිංචි කිරීමේ ක්‍රමය මන්දගාමී, යල් පැන ගිය සහ බාධක වලින් පිරී ඇත.
ශ්‍රී ලංකාව උපත් ලියාපදිංචි , ක්‍රියාවලිය කඩදාසි මත පදනම් වූ, ප්‍රමාදයන්ට ගොදුරු වන අතර, ග්‍රාමීය පවුල්, ආබාධ සහිත පුද්ගලයින් සහ නාගරික දුප්පතුන් ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් බැහැර කිරීමේ අවදානමක් ඉන් ඇතිවේ . උපත් සහ මරණ අතින් ලේඛනගත කිරීම බොහෝ විට බාධක වලට තුඩු දෙන අතර, තීරණාත්මක සහතික සඳහා මාස ගණනාවක් බලා සිටීමට සිදුවේ.එය ක්‍රමවත් හා වේගවත් කිරීම අත්‍යවශ්‍ය පියවරකිනි. .මෙම ඩිජිටල් පරිවර්තනය මගින් එය වඩාත් ක්‍රමවත් හා කාර්යක්ෂම වනු ඇත.එහිදී පවතින ක්‍රමයෙන් සිදුවන දුෂණ වංචා අවම කරගත හැකිවනු ඇත.