ආහාර රටාව වෙනස් කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

පාසැල් දරුවන්ගෙන් ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය මඟින් මුලුමහත් සමාජයේම ආහාර රටාවේ පරිවර්තනීය වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු වේ.

අහිතකර ආහාර පුරුදු වලින් ඈත්කොට එළවලු සහ පළතුරු ඇතුලත් පෝෂණීය ආහාර වලට හුරුකර නිරෝගී පරපුරක් බිහිකර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ජූනි මාසයට යෙදී ඇති ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරේ.

ආහාර රටාව වෙනස්වීම හෙතුවෙන් මන්දපෝෂණය , ස්ථූලබාවය සහ ක්ෂුද්‍ර පෝෂක අඩුකම ආදී ගැටලු පසුගිය දවස් කිහිපය තුල වැඩි වී ඇත. ඒ හේතුවෙන් සමාජය තුල බෝ නොවන රෝග වල වර්ධනයක් වාර්තා වේ .

එළවලු සහ පළතුරු ඇතුලත් පෝෂණීය ආහාර භාවිතා කිරීමෙන් මෙම තත්වය මඟහරවා ගතහැකිය. පිෂ්ටය ,ප්‍රෝටීන සහ මේදය බහුල ආහාර මෙන්ම ලුණු සහ සීනි අවම කිරීම වැදගත් වේ.

පෝෂණ මාසය වෙනුවෙන් ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන් සම්බන්දව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී මේ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *