ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයින තුල රැකියා අවස්ථා ලක්ෂයක් ලබාදීමට කටයුතු කරන බව මාලදිවයිනේ මහොකොමසාරිස් මසූද් ඉමාද් පවසා සිටියා. ඒ මාලදිවයින මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර අමාත්‍යංශයේ අද පැවැති හමුවකදී ය.
මේ වන විට මාලදිවයින තුළ ශ්‍රී ලාංකිකයින් තිස්දහසක් පමණ රැකියාවල නිරත වී සිටී. මාලදිවයිනේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සිය විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයා විමසුමට ලක් කර සිටියා.
එම ගැටළුව සම්බන්ධයෙන් මාලදිවයින රජයේ අවධානය යොමුවී ඇති බවත් එම ගැටළු විසඳීමට දැනටමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි මාලදිවන මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.