කැලණිවැලි දුම්රිය මාර්ගයේ සති අන්තයේ ධාවනය වූ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා. ඒ අනුව සෙනසුරාදා සහ ඉරිදා දින පස්වරු 1 .50ට කොලඹ කොටුවේ සිට පාදුක්ක බලා ධාවනය වන දුම්රිය ත්,
පස්වරු 3.00 ට පාදුක්ක සිට කොලඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියත් , පස්වරු 4.00 ට කොලඹ කොටුවේ සිට අවිස්සාවේල්ලට ධාවනය වන දුම්රිය අවලංගු වී තිබේ.
මේ හේතුවෙන් “තමන් දැඩි අසීරූතාවයකට පත් වී සිටින බවයි දුම්රිය මඟීන් පවසා සිටියේ.
මේ පිලිබඳව, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියකුගෙන් අප කළ විමසීමකදි, ඔහු පවසා සිටියේ ,දුම්රිය රියදුරන්ගේ දැඩි හිඟය නිසා මෙම ගැටලු සහගත තත්ත්වයට මුහුණ පෑමට සිදු වී තිබෙන බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් මඟීන් පීඩාවට පත් වූවත් දුම්රිය රියදුරු හිඟය නිසා අවලංගු වීමට නියමිත ව තිබූ දුම්රිය ගමන් වාර ගණන 25ක් ය. නමුත් එම තත්වය අවම කරගනිමින් දුම්රිය වාර දෙකක් පමණක් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය
. නැවත දුම්රිය රියදුරන් බඳවා ගන්නා තෙක් මෙම තත්වය මෙලෙස ම පවතින බව ත් ඔහු පවසා සිටියා.