ඌව පළාත් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ.
වර්ග කිලෝ මීටර 1,188 ක වපසරියකින් යුත් මෙම ක්‍රීඩා සංකීර්ණය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කි.
ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කල මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම පසු ගියදා සිඳු විය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිඳු කෙරින.
මීට සමගාමීව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් බඳුල්ල දිස්ත්‍රික්කයේ තෝරගත් පාසල් 14ක් සඳහා ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම ද සිදුකර ඇත.එම කට්ටලයක වටිනාකම ලක්ෂ 3 කි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සම්බන්ධ විය.