
ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර උත්සන්න වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ළමුන් ඇතුළු සිවිල් වැසියන්ගේ ජීවිත හානි සිදුවී ඇති බව BBC ලෝක සේවය වාර්තා කරනලදී . ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටී ඇති බවත්, අඛණ්ඩ හමුදා මෙහෙයුම් හේතුවෙන් රෝහල්වලට ප්‍රවේශ විය නොහැකි තත්වයක් උදාවී ඇති බවත්ය .මේ අතර උග්‍ර අහාර හිගයකට මුහුණදී සිටින ගාසා තීරයට අත්‍යවශ්‍ය සැපයුම් රැගෙන යන ආධාර ට්‍රක් රථ 100 කට එම ප්‍රදේශයට ඇතුළුවීමට ඊශ්‍රායලය විසින් අවසර දී ඇත. කෙසේ වෙතත්, බෙදා හැරීමේ ක්‍රියාවලිය සංකීර්ණ හා අනතුරුදායක බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.