භාෂාව ගැටළුවක් නොවන කාලයක් උදාවෙනවා

මෙරට තරුණ තරුණියන්ට භාෂාව ගැටලුවක් කර නොගෙන කටයුතු කළ හැකි කාලයක් ඉදිරියේදී උදාවන බවත්, ඒ වෙනුවෙන් Youth Clubs හරහා විශාල දායකත්වයක් ලබාදීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් Youth Clubs ගොඩනැගීම ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.වත්මන් ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පළාත් වෙත විශේෂ අවධානයක් යොමු කර ඇත. Youth Clubs පිහිටුවීමේ කටයුතුවලදී ද තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසු ගියදා උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි , වවුනියා දිස්ත්‍රික්කවල Youth Clubs පිහිටුවීමේ අවස්ථාවන්ට සහභාගී වෙමිනි.

එමඟින් තරුණ තරුණියන්ට අධ්‍යාපනයට, රැකියාවට, විදේශ රැකියාවට, හැකියාවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදුකරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය. රැකියා ලබා ගැනීම වෙනුවෙන් දේශපාලකයන් වෙත ගිය යුගය අවසන් කර ඇති බවත්, Youth Clubs හරහා තරුණ තරුණියන් ආණ්ඩුව සමඟ සෘජුව සම්බන්ධ කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *