Cannes ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට චීන චිත්‍රපට 180 ක්

චීන චිත්‍රපට 180ක් පමණ Cannes ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කෙරේ. ඇමරිකාවේ Variety සඟරාව පසුගිය දා ඒ පිළිබඳ ලිපියක් පළ කරමින් චීන චිත්‍රපට කර්මාන්තයේ ජවය හා ගතිකත්වය ඉහළින් අගය කළේ ය. මෙවර Cannes ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සඳහා “Nezha 2”,“Detective Chinatown 1900”හා“The Sinking of the Lisbon Maru”ඇතුළු චිත්‍රපට 180කට වැඩි සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. චීන රාජ්‍ය චිත්‍රපට දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් චීන චිත්‍රපට නිෂ්පාදන ආයතන හා සමාගම් 60කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්ව සිටී. චීන චිත්‍රපට නිෂ්පාදන ආයතන හා සමාගම් මෙසේ ඒකාබද්ධ වී චීන චිත්‍රපට කර්මාන්තයේ ජවය හා ගතිකත්වය මැනවින් පෙන්නුම් කර ඇති බව ඇමරිකාවේ Variety සඟරාව කියා සිටී.
-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *