ජනාධිපති අරමුදල උසස් පෙළ විශිෂ්ටයන් අගයයි

2023/2024  අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක්වූ සිසුන්ට පලාත් මට්ටමෙන් මූල්‍ය  ශිෂ්‍යත්ව සහ  සහතිකපත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් සංවිධානය කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගෙන විශිෂ්ටයන් තෝරාගනු ලබයි.  එහිදී එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගැනීම් සිදුකරයි.

පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස උතුරු පළාතේ 2023 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ  ඇගයීමට ලක් කිරීම ජූනි 22 කිලිනොච්චියේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *