පරිසර සතියේ ජල සංරක්ෂණ දිනය අදයි.

පරිසර සතියේ ජල සංරක්ෂණ දිනය අදයි.

ජගත් පරිසර සතියේ පස්වන දිනය අදයි. අද දිනය නම් කර ඇත්තේ ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසයි.ඒ අනුව දිවයින පුරා ජලය සහ ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමේ වැඩසටහනන් ක්‍රියාත්මකයි. ඒ නිමිත්තෙන් විශ්ව විද්‍යාල සිසුන් හා අමාත්‍යංශ වල අනුබද්ධ නිලධාරීන් ඒ පිලිබදව දැනුවත් කිරීමක් සිදුකෙරේ.
මෙය පරිසර අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි හා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
එමෙන්ම රාජ්‍ය දැව සංස්ථාව මූලීකත්වයෙන් සිසු බැංකු රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ යටතේ දැවමය වශයෙන් වටිනා පැල ලබාදීම සහ කෘෂි උපකරණ කට්ටල් ලබා දීම අද වැලිගම පැලෑනිය රතනජෝති විද්‍යාලයේදී සිදු කෙරෙයි.
තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ජල මූලාශ්‍ර පිහිටි ප්‍රදේශවල පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් භූ විද්‍යා හා පතල් කාර්‍යාලය මූලිකත්වයෙන් ක්‍රියාත්මකයි. සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මූලිකත්වයෙන් වෙරල පවිත්‍රතා සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ලංසිගම වෙරළ තීරයේදී ක්‍රියාත්මක කෙරේ.
එමෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමණාකර සම්බන්ධයෙන් පාසල් ලමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය සම්පල්තිවු විද්‍යාලයේ දී සහ පුරන්වැල්ල ප්‍රදේශයේදි පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *