ලෝක පරිසර දිනයට සමගාමීව ජාතික පරිසර සතිය ක්‍රියාත්මකයි. පරිසර සතියේ හයවැනි දිනය වන හෙටදිනය වෙරළ කලාප පවිත්‍රතා දිනය වශයෙන් එය නම්කර ඇත. මේ යටතේ දිවයින පුරා වෙරළ කලාප පවිත්‍ර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
මීගමුව කලපුව පවිත්‍ර කිරීමේ වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇත. එය ලියනෙමුල්ල කඩොලාන උද්‍යානයේ දී හෙට පෙරවරු 8.30 සිට ක්‍රියාත්මකයි .
පේදුරුතුඩුව වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන මෙහෙයවන්නේ රාජ්‍ය දැවසංස්ථාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් ඌරණිය වෙරළ පව්ත්‍ර කිරීම හෙට උදෑසන ආරම්භ කිරීමට නියමිතයි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෝදර, මොරටුව , කලුතර වෙරළ තීරයන් ද පුත්තලම , කල්පිටිය, නාත්තන්ඩිය , ගම්පහ, ගාල්ල වෙරළ තීරයන් ද පවිත්‍ර කිරීම ද මීට සමගාමීව සිදුකෙරේ.