” ඉවතලන බැරල් ප්‍රමිති ගත කසල බඳුන්” ලෙස දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ. සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත.
දිවයින පුරා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය ඊයේ මුතුරාජවෙලින් ආරම්භ කෙරිණ. දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් වෙන් වෙන්ව බහාලිය හැකි ලෙස මෙම කසල බදුන් සකසා ඇත.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග එක්ව ඊයේ මුතුරාජවෙල ප්‍රදේශයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත.
ජගත් පරිසර දිනය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් සිපෙට්කෝ ආයතනයේ නිලධාරීන් ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ නිලධාරීන් ද එක් වුණා.