ඉන්දුනීසියාව සහ ශ්‍රීලංකාව අතර වෙළෙඳ ගිවිසුම්

විදුලි වාහන නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති ඉන්දුනීසියාව ශ්‍රීලංකාව සමඟ විදුලි බස්රථ නිෂ්පාදන කටයුතු වලට එකඟවේ.
දැනට සාකච්ඡා මට්ටමේ පවතින වරණීය වෙළෙඳ ගිවිසුම කඩිනමින් අවසන් කරගැනීමට ශ්‍රීලංකා රජය අපේක්ෂා කරයි.

ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටොබින් (Dewi Gustina Tobin ) මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජත හේරත් මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ කරුනු අනාවරණය විය.

ඛනිජ වැළි අපනයනය කරන රටවල එකමුතුවක් ඇතිකර ඛනිජ ද්‍රව්‍ය අගය එකතුකල නිෂ්පාදනයක් ලෙස අපනයන කිරීම පිළිබඳව තානාපතිතුමිය අදහස් දැක්වීය.

ඒ සඳහා ශ්‍රීලංකාව තාක්ෂණික දැනුම සහ උපකරණ ලබාගැනීම වෙනුවෙන් ද්වීපාර්ශවික සහයෝගිතාවය ලබාගැනීමට අමාත්‍යවරයා එකඟතාව පලකලේය. හැත්තෑ වසරක් සපුරන බැංඩුන් සමුළුවේ ඉදිරි සැසිවාරයට සහභාගි වනලෙස තානාපති වරිය ශ්‍රීලංකා රජයට ආරාධනා කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *