පකිස්ථානයේ වරාය නගරයක් වන කරච්චිහි ඇති වූ භූමිකම්පාවකින් පසු, අධි ආරක්ෂිත බන්ධනාගාරයක් තුළ ඇති වූ අවුල් සහගත තත්ත්වක් අතර සිරකරුවන් 200 කට අධික සංඛ්‍යාවක් පලා ගොස් තිබේ.
සින්ද් ස්වදේශ කටයුතු අමාත්‍ය සියා-උල් හසන් ලන්ජාර් විසින් බන්ධනාගාරයෙන් සිරකරුවන් 216 දෙනෙකු පලා ගොස් ඇති බව තහවුරු කරන ලද අතර පැය 24 ක් ඇතුළත 78 දෙනෙකු නැවත අල්ලා ගත් බව ද ඔහු පැවසීය.ගැටුම්කාරී තත්වයන් නිසා පොලිස් නිලධාරීන් සහ රැඳවියන් විසාල පිරිසක් තුවාල ලැබූ බවත් පලා යාමට උත්සාහ කිරීමේදී එක් සිරකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
මාලිර් බන්ධනාගාරයේ ද ඉන්දීය සිරකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාකිස්තානයේ සාගරයේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ චෝදනාව මත සිරගත කර සිටින දුප්පත් ධීවරයින් බවත්වාර්තාවේ. මේ අතර, ඉතිරි පලාගිය අය සොයා ගැනීම සඳහා පොලිසිය බලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.
පකිස්ථානයේ කරච්චිහි ඇති වූ භූමිකම්පාවකින් පසු සිරකරුවන් 216ක් පැනගිහින්
