සිවිල් වැසියන් රඳවා තබා ගැනීමේ බලය සහිතව මැරීන් බටයින් LA වීදිවල යොදවයි

ඇමරිකානු මැරීන් බටයින් දින දෙකක් ඇතුළත ලොස් ඇන්ජලීස් වීදි වල ජාතික ආරක්ෂක භටයින්ට සමග එක්වීමට නියමිතය.
වැටලීම් වලදී ආගමන නිලධාරීන්ට බාධා කරන ඕනෑම අයෙකු හෝ ෆෙඩරල් නියෝජිතයින්ට බාධා පමුණුවන විරෝධාකරුවන් රඳවා තබා ගැනීමට මැරීන් බටයින්ට බලය ලබාදී ඇත.
කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් ගේ විරෝධතා නොතකා එක්සත් ජනපද ජනාධිපති ඩොලර් ට්‍රම්ප් හමුදා යෙදවීමට නියෝග කළේය.
එක්සත් ජනපද හමුදාව බදාදා ප්‍රකාශ කළේ මැරීන් බටයින් හත්සිය දෙනකු ගෙන් යුත් බලඇණියක් ලොස් ඇන්ජලීස් මෙහෙයුමට විශේෂිත පුහුණුවක් ලබාදී අවසන් කර ඇති බවයි.
ඔවුන් පැය 48ක් ඇතුළත ජාතික ආරක්ෂක බලකායට එක්වීමට නියමිතයි.
සිවිල් පොලිස් කටයුතු සිදු කිරීමෙන් තොරව ෆෙඩරල් නිලධාරීන්ට සහ දේපළ ආරක්ෂා කිරීමට මැරීන් බටයින් බැඳී සිටින බව එක්සත් ජනපද හමුදාව පවසයි.
සංක්‍රමණික වැටලීම් මාලාවකට ප්‍රතිචාර වශයෙන් පසුගිය සිකුරාදා එක්සත් ජනපදය තුළ විරෝධතා ඇති විය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා ජාතික ආරක්ෂක බළකාය කැදවූ අතර පසුව සඳුදා මැරීන් භටයින් කැඳවීය.
“මම ඒ ගැන ඉක්මනින් ක්‍රියා නොකළේ නම්, ලොස් ඇන්ජලීස් මේ මොහොතේ ගිනිගෙන බිමටම සමතලා වේවි,” ජෝන් එෆ්. කෙනඩි රංගන කලා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ට්‍රම්ප් පැවසීය.

-Reuters-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *