නියමු ව්‍යාපෘතියක් ලෙස තඹුත්තේගම මූලික රෝහල අවට ඇති ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධරි කාර්යාල පොකුරු සෞඛ්‍ය පද්ධතියක් ලෙස ජාලගත කෙරුනා. මේ යටතේ ඉදිරියේදී දිවයිනේ සියලුම රෝහල් ජාලගත කෙරෙනවා.
පද්ධතිය මඟින් ඉහල විශේෂඥ සත්කාර සපයන රෝහලක් වටා ඇති ප්‍රදේශීය රෝහල් සහ සායන පොකුරු ලෙස සම්බන්ද කෙරෙනවා. ඒ මඟින් බලයලත් වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට රෝගීන් පිළිබඳ වැදගත් තොරතුරු අධ්‍යයනයට ඉඩ සැලසෙනවා.
සියලුම තොරතුරු අනෙකුත් රොහල් සමඟ ජාලගත කෙරෙනවා. රසායනාගාර නොමැති රෝහලක් නම් පොකුර තුල ඇති රෝහලකට පරීක්ෂණ සාම්පල යොමු කෙරෙනවා.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඩිජිටල්කරනය කිරීමට සමගාමීව මෙම වැඩපිලිවෙල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා සහ මාලදිවයින් සෞඛ්‍ය අංශ ප්‍රධනි Dai Ling යන මහත්වරු ඇතුලු පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුනා. ආසියානු සංවර්ධන බැංකුවේ සහය මේ සඳහා ලැබෙනවා.