ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදිම තුළින් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට කුසලතා සහිත දරුවන් හඳුනා ගැනීම’ අරමුණු කර ගනිමින් ක්‍රිකට් උපකරණ බෙදාදීමෙ වඩසටහනක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කෙරෙ. එ අනුව
බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදුවිය .බ්ස්නහිර පළාතේ තෝරාගත්, නව (දැනට ක්‍රිකට් ක්‍රීඩාව නොපවතින) පාසල් 30 ක් සඳහා පැති විකට්, ක්‍රිකට් ක්‍රීඩා උපකරණ ලබා දීම මෙහිදී සිදු කෙරිණි. ශක්තිමත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම සඳහා පදනමක් ගොඩනැගීමටත්, මානව සම්පත හඳුනා ගැනීම තුළින් ක්‍රිකට් ක්‍රීඩාව කර්මාන්තයක් ලෙස වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වේ.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීන්, බස්නාහිර පළාත් තෝරාගත් පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී විය.
මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් සිදු කරන බවත්, එහි ප්‍රතිලාභ සියලුම ක්‍රිකට් ක්‍රීඩාවෙ යෙදෙන පාසල් වල දරුදැරියන්ට ලැබෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමට වත්කමක් නොමැති බොහෝ දරු දැරියන් සිටින බැවින් මෙම ක්‍රිකට් උපකරණ ලබා දීම ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතයට උපකාරී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැවසුවේ ය.

