මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය සෘජු මැදිහත්වීම රජයක් වශයෙන් සිදුකරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
ඊශ්‍රායලයේ සිටින 20000 ක ශ්‍රි ලාංකික පිරිසක් හා දැනට ඇති තොරතුරු අනුව ඉරානයේ රැදී සිටින ලාංකිකයින් 20දෙනෙකු පමණ පිරිසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි ඔහු පවසන්නේ.
අදාළ රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරයෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු සොයාබලන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.
“ ඊශ්‍රායලයේ සිටින තුවල ලැබූ ලාංකිකයින් දෙදෙනාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් මේ වන විට ලබාදී තිබෙනවා.
අපි දෙරටේම සිටින ශ්‍රි ලාංකිකයින්ට අවශ්‍ය ඕනෑම වේලාවක තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංක ඒ සඳහා හඳුන්වා දීලා තියෙනවා.
ලංකාවට නැවත ඒමට කිසියම් පුද්ගලයෙක් බලාපොරොත්තුව වනවා නම් ,ජොර්දානය හා ඊජිප්තුව හරහා ඊට අවස්ථාව ලබාදී තිබෙනවා.”
යම් කිසි පුද්ගලයෙකුට මෙරටට එන්න අවශ්‍ය නම් තානාපති කාර්යාලය හරහා ඊට අදාළ ඉල්ලීම සිදු කළ හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලා.