යුද අපරාධකරුවන්ට නඩු පැවරීමට සහ දශක ගණනාවක ප්‍රමාදව ඇති දණ්ඩමුක්තිය අවසන් කිරීම තවදුරටත් ප්‍රමාද නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටීනවා. රටේ සිවිල් යුද්ධසමයෙ යේදී සිදු කරන ලද අපරාද සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම සඳහා නිසි පියවර ගන්නා ලෙස ඉල්ලාසිටිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සන්විදානය නිකුත්කල නවතම වර්තාවෙන් මෙබව කියා සිටිනවා. මෙ මොහොත ශ්‍රී ලංකාවට දන්ඩ මුකතිය අවසන් කිරිමෙ චක්‍රය නවතා දැමිමට සහ දිගු කලක් තිස්සේ ප්‍රමාද වී තිබූ පද්ධතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් උදාවි ඇතැයි මෙම නිවෙදනයෙ සදහන් .
2024 මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය (NPP) බලයට පැමිණි අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යටතේ නව ආණ්ඩුව ව්‍යවස්ථානුකූල, නීතිමය සහ ආයතනික ප්‍රතිසංස්කරණවලට පොරොන්දු වු නමුත්, මෙම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම පොරොන්දුවලින් බොහෝ දේ තවමත් වචනවලට පමනක් සීමා වී පවතින බවයි.
අතුරුදහනුවූවන්ගේ කාර්යාලවලට සිද්ධින් 15,000 ක් වූ වාර්තා වූ නමුත් අතුරුදහන් වීම් වලින් සොයාගෙන ඇත්තේ 18ක් පමණකි. කීත් නොයර්, රවීන්ද්‍රනාත්, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, එක්නැළිගොඩ වැනි නඩු කිහිපයක ප්‍රගතියක් ඇතත් බොහෝ නඩු එක තැන පල්වෙයි. ත්‍රස්ත විරොධි පනත .මාර්ගගත ආරක්ශාව පිලිබද පනත වැනි නීති යටතේ නිදහස් අදහස් පළ කිරීම, සංගම්වල ක්‍රියාකාරිත්වයට සහ විරෝධතාවයන්ට බාධා ඇති වේ. වැනි උදා හරන රැසක් මෙහිදි උපුටා දක්වා තිබෙනවා.
මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ කල් පවතින සංහිඳියාවක් කරා ගමන් කිරීමට අර්ථවත් වගවීමක් සහතික කිරිමටනම් – විශේෂයෙන්ම යුද අපරාධකරුවන් නිතිය හමුවට ගෙනා යුතුව ඇති බව එක්සත් ජාතීන්ගේ මනව හිමිකම සංවිධානය අවධාරණය කර තිබෙනවා.
” වින්දිතයින් බොහෝ කාලයක් යුක්තිය ඉටුවනතුරු බලා සිටියි.. යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස දක්වන මෙම නිවෙදනයෙන් පෙන්නාදෙන්නෙ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන සහ වධහිංසා පැමිණවීම් ඇතුළු චෝදනා එල්ල වන යුද අපරාධවලට අදාළ පරීක්ෂණ සහ නඩු පැවරීම්වල මන්දගාමී ප්‍රගතිය පිළිබඳ මානව හිමිකම් සන්විදානය සිය කනස්සල්ල නැවත අවධාරණය කරනබවයි .
දණ්ඩමුක්තිය අවසන් කරන ලෙස මානව හිමිකම් සංවිධානයෙන් ඉල්ලීමක්
