ජාතික සත්වෝද්‍යානයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරන බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පවසයි. දැනට දොළොස් දෙනෙක් පමණ වූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටී.
දෙහිවල සත්ව උද්‍යානයේ මැකෝ ගිරවකු සොරකම් කර ඇත්තේ පසුගිය හතරවෙනිදා රාත්‍රියේයි.ඒ වගකීම පරිපාලන අංශය භාරගත යුතු බව ඔහු පවසයි. ඒ පිළිබඳව මේ වන විට විමර්ශන දෙකක් ක්‍රියාත්මක වේ. පොලිස් විමර්ශනයක් හා සත්ව උද්‍යාන අභ්‍යන්තර පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
ගිරවා සොරකම් කළ පුද්ගලයා සත්ව උද්‍යානයට ඇතුළු වූයේ කොතනින්ද යන්න නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර කූඩුවේ ඉබ්බා කඩා සොරකම සිදු කර ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.