භූ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේදී ශ්‍රී ලංකාව රනින් බබලයි.

පසුගියදා චීනයේ පැවති 18 වන ‘ ජාත්‍යන්තර භූ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාව පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සදහා 15 වතාවක් සහභාගී වී ඇති අතර මෙවර වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමට හැකි වී තිබීම විශේෂත්වයක්.
මහනුවර උසස් බාළිකා විද්‍යාලයේ තෙනුකි ෂෙහන්සා සහ කිළිනොච්චිය වැඩකාලච්චි විද්‍යාලයේ අභිෂාන් අරුල් රාජා රන් පදක්කම් දිනා ගත්තා.
මෙම තරගාවලියට ලෝකයේ රටවල් 31 ක වයස අවුරුදු 18 ට අඩු ශිෂ්‍ය තරගකරුවන් 130 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.
භූ විද්‍යා අධ්‍යයන ආයතනය සහ චීන භූ විද්‍යා ඔලිම්පියාඩ් සංගමය විසින් සංවිධානය කල තරගාවලිය චීනයේ ජිනින්ග් හී දී පැවත්වුනා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *