ලොස් ඇන්ජලීස්වි රෝධතාකරුවන්‍ට එරෙහිව හමුදා බලය දැඩිකරයි

ලොස් ඇන්ජලීස් නුවර උද්ඝෝෂණයන්ට ප්‍රතිචාර දැක්වීමට ඇමරිකානු විශේෂ හමුදා සාමාජිකයන් 2000ක් පමණ සූදානමින් සිටින බව

එරට උතුරු විධානය සනාථ කරයි. එම සෙබළු එරට ජාතිකාරක්ෂක බලකාය සමග එක්වීමට නියමිතව තිබේ. එම විශේෂ හමුදා සාමාජිකයන් සති අන්තයේදී සූදානම් කළ බවද උතුරු විධානය කියා සිටී.

CNN වාර්තාවකට අනුව මෙම තීරණය විරෝධතාකරුවන්‍ට එරෙහිව හමුදා බලය ඉහළ නැංවීමේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පියවරක් බව පැවසේ. ජාතික ආරක්ෂක බලකාය මෙන් නොව මෙම විශේෂ හමුදා කණ්ඩායමට පුද්ගලයන් අත් අඩංගුවට‍ ගැනීම‍ වැනි නීතිය බලාත්මක කිරීමේ හිමිකමක් නොමැත.

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් කැරළි කෝළාහල පනත සක්‍රිය කිරීමකින් තොරව ඔවුන්ට එවැනි ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ විය නොහැකිය.

ඉදිරි පැය කිහිපය ඇතුළත මෙම වි‍ශේෂ හමුදා භටයන් ලොස් ඇන්ජලීස් නුවරට ළඟාවනු ඇතැයි ද තවත් මාධ්‍ය වාර්තාවක දැක්වේ.

මේ අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිවුසොම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ ඇමරිකානු විශේෂ හමුදා භටයන් තම රටේ වැසියන්‍ට එරෙහිව සිය භූමිය තුළම යෙදවීම සිදු නොකළ යුතු බවය. එවැන්නක් අඥාදායක ජනාධිපතිවරයෙකුගේ ‍මනෝ චිත්‍රය සම්පූර්ණ කිරීමක් වන අතර එය ඇමරිකාවක් නොවන තත්ත්වයක් බවද හෙතෙම කියා සිටී.

-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *