උඩරට දුම්රිය මාර්ගයේ ගිලා බැසීමක් – මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ගමන් නවතී
උඩරට මාර්ගයේ පේරාදෙණිය හා මහනුවර අතර දුම්රිය මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් සිදුව තිබෙනවා.
මහනුවර උසාවි සංකීර්ණයට ආසන්නයේ මෙලෙස දුම්රිය මාර්ගයට යටින් සිදුරක් ආකාරයට ගිලා බැසීම සිදුව ඇත. මේ නිසා උඩරට මාර්ගයේ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.