වරාය නැගෙනහිර පර්යන්තය සේවකයන් විසින් දිනාගත් සම්පතක් – අමාත්‍ය බිමල් රත්නායක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය සේවකයන් විසින් දිනාගත් සම්පතක් බවත්, එය කිසිවිටකත් වෙනත් පාර්ශවයකට ලබා නොදෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එය වඩාත් කාර්යක්ෂමව හා නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කරේ පසුගියදා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින්. මේ වසර තුළදී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහි දි අවධානය යොමු විය.කඩිනමින් ව්‍යාපෘතියේ වැඩකටයුතු නිම කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ වද අවධානය යොමු කළ අමාත්‍යවරයා 2014 සිට 2022 දක්වා නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කිසිදු ඉදිකිරීමක් සිදු නොවන බවද පවසා සිටියා. 2022 සිට මන්දගාමීව සිදුවූ ව්‍යාපෘතියේ කටයුතු නව රජය පත්වීමෙන් පසු ප්‍රගතියක් අත් කරගෙන ඇත.එය තවදුරටත් වේගවත් කළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ. නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩි තුවක්කු මහතා ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *