දකුණු කොරියාවේ 14 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඊ ජේ-මියුන්ග් අද සෝල් හි ජාතික සභාවේදී නිල වශයෙන් දිවුරුම් දෙන ලදී. කෙටි කලක් යුද නීතිය පැනවීම සම්බන්ධයෙන් හටගත් ගැටුම් හමුවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල් දෝෂාභියෝගයෙන් ඉවත් කිරීම හේතුවෙන් මෙම මැතිවරණය පැවැත්විණ . ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ ලී, ඡන්දවලින් 49.42% ක් ලබා ගත් අතර, කොන්සර්වේටිව් අපේක්ෂක කිම් මූන්-සූ ලබාගනු ලැබුවේ 41.15% ක ඡන්ද ප්‍රතිශතයකි .
නව ජනාධිපතවරයා ඔහුගේ සමාරම්භක කතාවේදී, ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීමේ සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාවය අවධාරණය කරනලදී . උතුරු කොරියාවේ මිලිටරි තර්ජනවලට ශක්තිමත්ව මුහුණ දීමට ඔහු ප්‍රතිඥා දුන්නේය. ඊට අමතරව, එක්සත් ජනපදය සහ ජපානය සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම ඔහු ඉස්මතු කළේය.
1963 දී ඇන්ඩොං හි උපත ලැබූ ලී ජේ-මියුංගේ මුල් ජීවිතය දරිද්‍රතාවයෙන් හා දුෂ්කරතාවවන ගෙන් යුක්තිය . ඔහු තරුණ වියේදී කර්මාන්තශාලාවල සේවය කළ අතර පසුව මානව හිමිකම් නීතිඥයෙකු බවට පත්විය. ඔහුගේ සියොංනාම් නගරාධිපති සහ ග්යොංගි පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කොට ඇත. 2022 ජනාධිපතිවරණ සටනින් පරාජයට පත් වුවද, ලී කැපී පෙනෙන දේශපාලන චරිතයක් ලෙස රැඳී සිටි අතර අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා බවට පත්විය.