Gov Pay රාජ්‍ය ඩිජිටල් ගෙවිම් ක්‍රමය ආයතන 50 ක ක්‍රියාත්මකයි.

Gov Pay රාජ්‍ය ඩිජිටල් ගෙවිම් ක්‍රමය ආයතන 50 ක ක්‍රියාත්මක කිරිම ආරම්භ කෙරුනා .මෙය තොරතුරු හා සන්නිවේදන, තාක්ෂණ ආයතනය, ලංකා පේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නන්වනවා.මෙම නියමු ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය සේවා 700 කට පමණ ඩිජිටල් ගෙවිම් පහසුකම් සැලසෙනවා. එමගින් මේ වන විට අයකරගෙන ඇති මුදල රුපියල් මිලියන 65 ඉක්මවනවා. ඉදිරි මාස 12 ඇතුලත මෙම ඩිජිටල් වේදිකාව මගින් රුපියල් බිලියනයක පමන ගනුදෙනු සිදුකෙරෙනු ඇතැයි අපේක්ශිතයි . මොරටුව විශ්ව විද්‍යාලය,කොතලාවල ආරක්ශක විශ්ව විද්‍යාලය, අපෙක්ශා රෝහල ඇතුලු ආයතන ගණනාවක් මේ වන විටත් ඉහල ගනුදෙනු පවත්වාගෙන යමින් මහජන විශ්වාසය දිනා ගෙන සිටිනවා .මෙහිදි පොලිස් ස්තානිය දඩගෙවිමේ පද්ධතිය සහ GovPay.lk වෙබ් අඩවිය හදුන්වා දුන්නා .

Comments (0)

Your email address will not be published. Required fields are marked *