දරුවන් පිළිබඳ ගැටලු විසඳීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්

කොටහේන ප්‍රදේශයේ සිසුවියක් සියදිවි නසා ගැනීමේ සිද්ධිය වැනි සිදුවීම් යලි වාර්තා වුවහොත් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද(09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

කොටහේන දැරියගේ සිද්ධිය පලමු අවස්ථාවෙිදීම වාර්තා වී නොමැති බවත් එම දැරිය ඉගෙන ගත් පාසලේ විදුහල්පතිවරිය මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් නොදීම ගැන නිදහසට කරුණු විමසා ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. මෙවැනි සිද්ධි වාර්තා වූ විගස ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලීසිය දැනුවත් විය යුතු පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය ඊට අදාල යාන්ත්‍රණයක් ඇති කිරීමට ළමා හා කාන්තා කටයුතු ඇමතිවරිය සාකච්ඡා ආරම්භ කර ඇති බවද සඳහන් කළා.

එම යාන්ත්‍රණය සකස් කර අවසන් වූ වහාම පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ. කොටහේන ප්‍රදේශයේ අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *