මේ වසර තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා තිබෙනවා.
2025 වසරේ ජනවාරි මස පළමුවනදා සිට මැයි මස 31 වනදා දක්වා කොමිසන් සභාව වෙත පැමිණිලි 2,138ක් ලැබී ඇත.
2024 වර්ෂයේ ඇති පැමිණිලි සමග සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2,221ක් වන බව සඳහන් වෙනවා. ඉන් පැමිණිලි 224ක් විමර්ශනයට නියෝග කර ඇත. පැමිණිලි 524ක් විමර්ශනය නොකිරීමට තීරණය කර තිබේ. ඒ ප්‍රමාණවත් කරුණු නොතිබීම හා පනතට අදාළ නොවීම යන කරුණු මතයි. පැමිණිලි 282ක් විමර්ශනය සඳහා වෙනත් ආයතන වෙත යොමු කර තිබෙනවා. මෙම තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් මේ වසරේ ගත වූ මාසය 05ට අදාළව නිකුත් කළ ප්‍රගති වාර්තාවේ දැක්වෙනවා.
අදාළ කාලය තුළ අල්ලස් කොමිසම විසින් සමස්ත වැටලීම් 44ක් සිදුකර ඇත.සාර්ථක වූ වැටලිම් 25ක දී සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගතවූ මාස 05 තුළ අල්ලස් කොමිසම විසින් මහාධිකරණයේ නඩු පැවරීම් 42ක් සිදුකර ඇති අතර පොලිස් නිලධරීන් 11 දෙනෙකු ඇතුළු චූදිතයින් 45 දෙනෙකුට අදාළව එම නඩු පැවරීම් සිදුකර තිබෙනවා.
මේ වන විට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු ගණන 272ක් වෙනවා.