මව් කිරි ප්‍රවර්ධනයට නව පනතක්

මව්කි‌රි දීම ප්‍රවර්ධනය සඳහා නීතිමය විධිවිධාන හඳුන්වා දීම වෙනුවෙන් 2018  වර්ෂයේදී ලබා දී අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව අදාල පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි ව තිබෙනවා.

මව්කිරි දීමේ දර්ශක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයක් ගනී.

World Breastfeeding Trends initiative (WBTi) විසින් ‘Green Status’ ලබා දුන් ප්‍රථම රට බවට පත් වූයේ ශ්‍රී ලංකාවයි.

වාණිජමය පරමාර්ථ මුල් කර ගෙන කිරිපිටි කර්මාන්තය මඟින් දරුවන් වෙත එල්ල වන සදාචාර විරෝධී සහ හානිකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය ආරක්ෂා කිරීමත්, විද්‍යාත්මකව තහවුරුව ඇති ප්‍රධානතම මැදිහත් වීමක් ලෙස සලකා මව්කිරි දීම ආරක්ෂා කිරීම මූලික අපේක්ෂාවයි.  

මව්කිරි දීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමුඛයා ලෙස මෙරටට ඇති පිළිගැනීම අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීම මෙම නීතිමය විධිවිධාන හදුන්වාදීම මෙම යෝජනාව මගින් අපේක්ෂා කෙරේ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *