අපරාධ මැඩලීමට පොලීසියෙන් නව මෙහෙයුමක්

අපරාධ වැඩියෙන් සිදුවන පොලිස් ස්ථාන 52ක් හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම පොලිස් ස්ථාන 52 ආවරණය කරමින් විශේෂ බලකා කණ්ඩායම් 15ක් යොදවා මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි අමත්‍යවරයා ප්‍රකාශ කළේය.
දිවා රාත්‍රී මුර සංචාර, ජංගම සංචාර, හදිසි මාර්ග බාධක, බුද්ධි තොරතුරු එක් රැස් කිරීම වැනි පොලිස් රාජකාරී විශේෂ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.


ඊට අමතරව සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැලැක්වීමට බුද්ධි තොරතුරු රැස් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ කාර්යාංශය, කොළඹ අපරාධ කොට්ඨාශය ඒකාබද්ධ වී විශේෂ කාර්ය සාධක බලකා මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *