නව පාප්වහන්සේ ඇමරිකාවෙන් තේරි පත්වෙයි.

කතෝලික පල්ලියේ 267 වන නව නායකයා ලෙස ඇමරිකානු සම්භවයක් ඇති කාදිනල් රොබට් ප්‍රෙවොස්ට් තෝරාගෙන ඇති බව නිවේදනය කලා. ඔහු XIV වන ලියෝ පාප් වහන්සේ ලෙස හඳුන්වනු ඇත. වසර 2,000ක ඉතිහාසයක් ඇති කතෝලික පල්ලියේ XIV වන ලියෝ පාප් වහන්සේ පළමු ඇමරිකානු පාප් වහන්සේ වීම විශේෂත්වයකි.

ඊයේ (බ්‍රහස්පතින්දා) සිස්ටයින් දේවස්ථානයේ මුදුනේ පිහිටි චිමිනියකින් සුදු දුමාරයක් නැඟුණු පසු,  ශාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම බැල්කනියේ පෙනී සිටි කාදිනල් ඩොමිනික් මැම්බර්ටි පියතුමා “හැබෙමුස් පාපම්” (අපට පාප්වරයෙක් සිටී) යන ලතින් වාක්‍ය ඛණ්ඩය උච්චාරණය කළ විට, ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි 100,000 කට අධික පිරිසක් ප්‍රීති ඝෝෂා නැගූහ. සාම්ප්‍රදායිකව, නව පාප්වරයා බැල්කනියට පැමිණීම සිදුවන්නේ සංඥාවෙන් මිනිත්තු 30 ත් 60 ත් දක්වා කාලයකට පසුවයි.

ඉන්පසුව ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ නව පාප් වහන්සේ පෙනී සිටියහ. එයින් අදහස් කළේ  කාදිනල් ඡන්දදායකයින් 133 දෙනා පසුගිය මාසයේ මියගිය  ෆ්‍රැන්සිස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුව තෝරාගෙන ඇති බවයි. “ඔබ සැමට සාමය ලැබේවා” ඔහු ඉතාලි භාෂාවෙන් කතා කරමින් ශාන්ත පීතර චතුශ්‍රයේ සිටි ලක්ශයකට ආසන්න පිරිස ඉදිරියේ පැවසීය.

XIV වන ලියෝ පාප් වහන්සේ යනු කවුරුන්ද?

පළමු එක්සත් ජනපද පාප් වහන්සේ බවට පත් වූ XIV ව  ලියෝ පාප් වහන්සේ ලතින් ඇමරිකාවේ දීර්ඝ කාලීන මිෂනාරිවරයෙකු ලෙස කටයුතු කර ඇත.  

69 හැවිරිදි ප්‍රෙවොස්ට්, චිකාගෝහි සිට වතිකානයට පැමිණි අතර, ඔහුගේ වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් පේරු හි මිෂනාරිවරයෙකු ලෙස ගත කර ඇති බව පැවසේ. 2023 දී රොබට් ප්‍රෙවොස්ට් කාදිනල්වරයෙකු බවට පත් විය.

රෝමානු කතෝලික පල්ලියේ නව නායකයා ලෙස තේරී පත් වූ කාදිනල් රොබට් ප්‍රෙවොස්ට්, ද්විත්ව එක්සත් ජනපද-පේරු පුරවැසියෙකු වන අතර ඔහු දශක ගණනාවක් උතුරු පේරු හි සේවය කළේය. පළමුව මිෂනාරිවරයෙකු ලෙසත් පසුව 2015 සිට 2023 දක්වා චික්ලායෝ හි බිෂොප්වරයා ලෙසත් කටයුතු කළේය.

XIV ලියෝ පාප්තුමාගේ උපන් ගම වන චිකාගෝ සිට කිලෝමීටර් 5,000 ක් (සැතපුම් 3,000) පමණ දුරින් පිහිටි පේරු වෙරළබඩ නගරයක් වන චික්ලායෝ හි, කතෝලිකයන් වීදි බැස පල්ලියේ සීනු නාද කළේ ඔවුන්ව තමන්ගේම කෙනෙකු ලෙස වැළඳ ගන්නා හිටපු මිෂනාරිවරයාගේ තේරී පත්වීම සැමරීම සඳහා ය.

නව පාප් වහන්සේගේ පත්වීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ X ගිණුමේ සටහනක් පළ කරමින් සුබ පැතුමක් එක් කර තිබෙනු දක්නට ලැබුණි.  මෙම පත්වීම පේරු ජනාධිපතිනි ඩිනා බොලුආර්ටේ විසින් ද පිළිගනු ලැබූ  බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. කෙසේ වෙතත්, රොබට් ප්‍රෙවොස්ට්ගේ X ගිණුමේ පළ කිරීම්වලට අනුව, නව පාප්තුමා ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමේ ඉතිහාසයක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

1978 දී පෝලන්තයේ කාදිනල් කැරොල් වොජ්ටිලා ප්‍රථම ඉතාලි නොවන පාප් වහන්සේ ලෙස තේරී පත් වූ විය.  

කාදිනල් රොබට් ප්‍රෙවොස්ට් ලියෝ යන නාමය තෝරාගත් අතර ලියෝ යන නම ගත් අවසන් පාප්තුමා 1878-1903 දක්වා කතෝලික පල්ලිය මෙහෙයවීය. සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටළු කෙරෙහි කැපවූ අවධානයක් යොමු කිරීම සඳහා ලියෝ XIII ප්‍රසිද්ධ වූ අතර නූතන කතෝලික සමාජ ඉගැන්වීම් සඳහා අඩිතාලම දැමීමේ ගෞරවය බොහෝ විට ඔහුට හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *