රූපවාහිනිය ගුවන්විදුලිය වෙන් වෙයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වාගෙන යාමට අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ස්වකීය අනන්‍යතාව සහිත වෙන් වූ රාජ්‍ය ව්‍යවසායන් ලෙස පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ආයතන දෙක ඒකාබද්ධ කරමින් එක් රාජ්‍ය සමාගමක් පිහිටුවීම සඳහා 2023 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත.

එහෙත් එවැනි සමාගමක් පිහිටුවිය යුතු ආකාරය පිළිබඳ සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.  නමුත් ඒ සඳහා මෙතෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එකිනෙකට වෙනස් තාක්ෂණයන් භාවිතා කිරීම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පටිගත කිරීමේ මැදිරිවලට අවශ්‍ය වීම, ඒවායේ සම්ප්‍රේෂණ කුලුනු විවිධ ස්ථානවල පැවතීම හේතුවෙන් ඒකාබද්ධ කිරීම අපහසු වීම ආදී හේතූන් මත එකී ආයතන ඒකාබද්ධ කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බවට හඳුනාගනු ලැබ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *