ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නංවාගැනීමට සහ විකාශන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වන පරිදි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සඳහා අත්‍යවශ්‍ය උපකරණ කිහිපයක් සපයා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමුඛතා පදනම මත 2026 අයවැය මඟින් වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩල තීරණය කරන ලදි.
වසර ගණනාවක් පැරණි පරිගණක උපාංග හා යල්පැනගිය මෘදුකාංග භාවිත කරමින් වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සිදු වීම හේතුවෙන් ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කරමින් ගුණාත්මකබවින් ඉහළ, ආකර්ෂණීය වැඩසටහන් විකාශය කිරීම ගැටලු සහගත වී තිබෙනවා.