චිකුන්ගුන්‍යා ගැන ඔබ දැනුවත්ද ?

චිකුන්ගුන්‍යා රෝගය පැතිරෙන්නේ කෙසේද?

  • රෝගය බෝකරන මදුරුවන් දෂ්ට කිරීම මගින්.
  • ගර්භණී මවගෙන් තම දරුවාට බෝවීමෙන්.
  • පුද්ගලයෙකුට රුධිරය ලබාදීමේදී  ලබාදෙන්නා චිකුන්ගුන්‍යා  රෝගියකු නම්.

චිකුන්ගුන්‍යා රෝග ලක්ෂණ මොනව ද?

  • අධික උණ තත්වය.
  • හන්දිවල පවතින වේදනාව සහ හන්දි ඉදිමීම.
  • සමෙහි ඇතිවන කුෂ්ඨ .
  • ඊට අමතරව හිසරදය ,ඇස් යට කැක්කුම, මස් පිඩුවල වේදනාව, අධික තෙහෙට්ටුව, ආහාර අරුචිය, බඩෙහි කැක්කුම, කට තුළ තුවාල ඇතිවීම, ඇස් වල රතු ගතිය අනෙකුත් රෝග ලක්ෂණ වේ.

ආසාදිත මඳුරුවෙකු දෂ්ට කර දින 3 ත් 7 ත් අතර කාලයකදී රෝග ලක්ෂණ මතුවේ. රෝග ලක්ෂණ දින 7 සිට 10 දක්වා පැවැතිය හැකිය.

චිකුන්ගුන්‍යා රෝගය සඳහා ප්‍රතිකාර

  • විශේෂ ඖෂධයක් නැත. වෛද්‍යවරුන් රෝග ලක්ෂණ මත පදනම්ව ප්‍රතිකාර කරයි.
  • රෝගය වැළඳුණු දරුවන්ට පානය සඳහා අවශ්‍ය පමණ දියර වර්ග ලබාදීම.
  • උණට සහ හන්දි වේදනාවට පැර සිට මෝල් පමණක් ලබාදීම.
  • ඩෙංගු නොවන බවට සැක හැර දැනගත් පසු පමණක් වේදනා නාෂක ලබාදීම.

(ඩෙංගු රෝගය සහිත දරුවන්ට අධික උණ සඳහා ලබාදෙන ඖෂධ ලබාදීමෙන් ලේ ගැලීමක් මෙන්ම අනිකුත් සංකූලතාද ඇතිවිය හැකිය.)

  • දිගුකල් පවතින හන්දි අමාරු සඳහා විශේෂිත ඖෂධ වර්ග ලබාදීමට සිදුවිය හැකිය.

රෝගයෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද ?

  • මඳුරුවන් බෝන ස්ථාන ඉවත් කිරීම
  • සුදුසු ඇඳුම් ඇඳීම සහ අලේපන වර්ග භාවිතා කර මඳුරු දෂ්ටන වළක්වා ගැනීම.

මේ කරුණු ගැනද සැලකිලිමත් වන්න.

  • දරුවාට දින දෙකකට වඩා පවතින උණ ගතියක් ඇත්නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ගන්න.
  • දරුවාට අසමාන්‍යය නිදිමත, අධික ලෙස වමනය හෝ පාචනය, අඩුවෙන් මුද්‍රා පිටකිරීම, වලිප්පු තත්ත්වය, අසමාන්‍ය අපහසු ගතිය ඇත්නම් රෝහල් ගත කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *