ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) ශ්‍රි ලංකාවට පැමිණේ. ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ දශක දෙකකට ආසන්න කාලයකට පසුවයි.
ඔහු ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවයි.
ඔහුගේ සංචාරය ආර්ථික වශයෙන් ශ්‍රි ලංකාවට වඩා වැදගත් වෙයි.
මෙරට පෞද්ගලික අංශයේ ආර්ථිකය ගොඩනැගීම, රැකියා උත්පාදනය, දිගුකාලීන සංවර්ධනය හා තිරසාර මාවතකට සහය වීම ඔහුගේ සංචාරයේ මූලික අරමුණයි.
ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා ( Ajay Banga) මහතාගේ සංචාරයේදී ජනාධිපති අනුරකුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානින් හමුවීමට ද නියමිතය.