මහ කන්නයට අදාළ සියළුම රක්ෂණ වන්දි ගෙවීමට පියවර

2025 වර්ෂයේ පෙබරවාරි සිට මේ දක්වා ගංවතුර ,නියඟ ,වනඅලි හානියන්ට ලක් වූ වගාවන් සඳහා මෙම මස නිමවීමට පෙර සියලුම වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

වී ,බඩ ඉරිඟු ,ලොකු ලුණු ,අර්තාපල් ,සෝයා සහ මිරිස් යන වගාවන් සඳහා රක්ෂණය වී නොමැති වුවද අක්කර පහක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ලබාදීමට නියමිතයි.
හෙක්ටයාරයක් රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදුවේ.2024 වර්ෂයේ නොවැම්බර් මස වර්ෂාව නිසා සිදුවූ වගා හානි සඳහා ගොවීන් 53,511 දෙනෙකුට අක්කර 61, 071 සඳහා රුපියල් මිලියන 951 ක මුදලක් ගෙවා ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
පසුගිය 2024 යල කන්නයට අදාළ වගා වන්දි මුදල මේ වන විට ගෙවා අවසන් කර ඇත. 2024/2025 මහ කන්නයට අදාළ අභියාචනා ලෙස ලද රක්ෂණ වන්දි සුළු ප්‍රමාණයක් ඉතිරිව ඇති අතර එම වගා වන්දි කඩිනමින් ගෙවා අවසන් කිරීමට කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *