වයඹ විද්‍යාපීඨ සිසුවියගේ සිද්ධිය පිළිබද පූර්ණ පරීක්ශනයක්

වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ ශිෂ්‍යාවක් සියදිවි හානි කරගැනීම සම්බන්දයෙන් පූර්ණ පරීක්ශනයක් සිදුවේ. ඒ සදහා රජය පරීක්ෂණ මණඩලයක් පත් කර ඇත.

මැය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යාවකි. පරීක්ශණ මණ්ඩල වාර්තාව ලැබුනු වහාම ඒ සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අදාල සිද්ධිය සම්බන්දයෙන් සවිස්තර වාර්තාවක් විද්‍යාපීඨයේ පීඨාධිපතිගෙන් ලබාගෙන ඇත. මේ සදහා අමාත්‍යංශයේ නිලධාරීන් විසින් ස්ථානීය පරික්ශනයක් ද සිදු කර ඇත.

සමස්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියේ පරිපාලන හා අධ්‍යාපන කටයුතු සමාලෝචනය කිරීමටත් එමගින් සිදු කලයුතු වෙනස්කම් සදහා කඩිනමින් පියවර ගන්න බවත් අමාත්‍යංශය කියා සිටී.

Comments (0)

Your email address will not be published. Required fields are marked *