ඊශ්‍රායල-ඉරාන හමුදාමය ගැටුම සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(17) පස්වරුවේ ධවල මන්දිරයේදී ජාතික ආරක්ෂක කණ්ඩායමේ රැස්වීමක් කැඳවීය. ඔහු, ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර සඳහා ඊශ්‍රායලයට එක්වීම ඇතුළු විකල්ප මාලාවක් සලකා බලමින් සිටින බව එරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.
“අපගේ ඉවසීම අවසන් වී ඇති” බවත් “කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටින” බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(17) සමාජ මාධ්‍යන් හි සටහනක් තබමින් කියා සිටියේය.
වාර්තාවලට අනුව, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් හා සිවිල් වැසියන්ට එරෙහි ගුවන් ප්‍රහාර මෙන්ම, එරට දේශපාලන බලය වෙනස් කිරීමට තුඩු දිය හැකි හමුදා මෙහෙයුම්වලටත් දැඩි ලෙස විරුද්ධ බව කැනඩාවේ G7 සමුළුවට සහභාගී වෙමින් සිටි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා ප්‍රකාශ කර ඇත. හැකි පමණින් සාකච්ඡා නැවත ආරම්භ කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
-CGTN Sinhala