“අඛණ්ඩ අභියෝග මධ්‍යයේ වුවද 2025 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5% වනු ඇතිබව ලෝක බැංකුව කියයි.

දිගු කාලීන ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද,ශ්‍රී ලංකාවේ 3.5% ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම්කරනබව 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් වාර්තාවෙන් (World Bank’s Global Economic Prospects report ) අනාවරණය කරයි. නිදහසින් පසු රටේ පැ වතී දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබාදෙනලද ඩොලර් බිලියන 2.9 ක ඇපකරයේ ස්ථාවර බලපෑමට බොහෝ දුරට එයට හේතු විතිබේ .

ඊට අමතරව සංචාරක, කෘෂිකර්මාන්තය වැනි අංශ යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන ඇති බැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යතා තාවයට පැමිණීමේ සලකුණු පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත්, තවත් අභියෝග රැසක් ජයගැනීමට තිබෙන බවද මෙම වාර්තාව පෙන්වාදෙයි .
ප්‍රධාන බාහිර පීඩනයන්ගෙන් එකක් වන්නේ ඇඟලුම් සහ අනෙකුත් අපනයන කාණ්ඩ ඉලක්ක කරගත් එක්සත් ජනපද තීරුබදු නව ප්‍රති පත්තියයි . මෙම පියවර තීරණාත්මකව විදේශ විනිමය උපයිමේදී තර්ජනයක් වන අතර ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය සඳහාඑය බාදාවක් වී තිබේ .

අභ්‍යන්තරව, ජනතාව මුහුණදී ඇති ව්‍යුහාත්මක අභියෝග තවමත් පවතී .ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව, දරිද්‍රතාවය 24.5% ලෙස ඉහළ මට්ටමක පවතින අතර, එයින් හෙළි වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තවමත් මූලික අවශ්‍යතා සදහා අරගල කරන බවයි. විශේෂයෙන් ආහාර උද්ධමනය සහ ඉන්ධන මිල හේතුවෙන් ජීවන වියදම ඉහළ මට්ටමක පවතී.

මෙම වාතාවරණය තුල ශ්‍රම සංක්‍රමණය ඊට මුහුණ දීමේ ප්‍රදාන උපාය මාර්ගයක් බවට පත්ව ඇත. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශගත වෙමින් සිටිති – ප්‍රධාන වශයෙන් මැදපෙරදිග, දකුණු කොරියාව සහ යුරෝපයට වෙත සංක්‍රමණය වන ශ්‍රමිකයන් උපයන විනිමය රටේ ආර්ථිකයන් පවත්වාගන යාමට සහ ජාතික ගෙවුම් ශේෂය ස්ථාවර කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.මේ තත්වයන් මධ්‍යයේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ අනාගත සංවර්ධනයට සහාය වීම සඳහා, ලෝක බැංකුව ඉදිරි වසර තුන තුළ ඩොලර් බිලියන 1 කට අධික ආධාරයක් ලබාදීමට පොරොන්දු වී ඇත.,
මෙහිදී බදු ප්‍රතිපත්තිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ දූෂණ විරෝධී පියවර ඇතුළුව අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම ලෝක බැංකුව සහ IMF දෙකම අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *