නේපාල තානාපති , තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සිටින නේපාල තානාපති පූර්ණ බහදූර් නේපාලි සහ තරුණ කටයුතු හා ක්‍රීඩාඅමාත්‍ය සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන් අතර හමුවක් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදුවුනා .

දෙරට අතර තරුණයන්ගේ සංස්කෘතික බැඳීම් පුළුල් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වුනා.

කලාපීය ක්‍රීඩා කුසලතාවයන් වර්ධනයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද දෙපළගේ අවධානය යොමු කළා.

කලාපීය සහයෝගිතාවේ උන්නතිය වෙනුවෙන් දකුණු ආසියාතික රටවල් සමඟ ශක්තිමත් බැඳීමක් පවත්වා ගැනීමට නිරන්තරයෙන් රජය කැපවී සිටින බව සාකච්ඡාවේදී තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමතිවරයා කරුණු පැහැදිලි කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *