ඉරාන- ඊශ්‍රායල යුද්ධයට ඇමෙරිකාවේ මැදිහත්වීම ඉරානය සමග පැවැත්වෙන සාකච්ඡා මත තීරණය වන බව ධවල මන්දිරය නිවේදනය කරයි.
ධවල මන්දිර මාධ්‍ය හමුවකදී, මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා ඇත්තේ ඉරාන – ඊශ්‍රායල ගැටුමට අමෙරිකාව සෘජුවම සම්බන්ධ වීම පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සති දෙකක් ඇතුළත තීරණය කරනු ඇති බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහරදීමේ සැලසුම අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණ ද ඊට අදාළ අවසන් තීරණය ලබාදී නොමැති බවයි එහිදී වාර්තා කර තිබුණේ.