

ගෝලීය බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය ජූලි මස 27 වන දා සිට ජුලි 05 දක්වා කොළඹදී පැවැත්වෙයි. මෙය සිදු වන්නේ ආධ්‍යාත්මික නායක ආචාර්ය අති උතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ් තුමාගේ සහභාගීත්වයෙන් .
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා වන සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිද්ධ වුණා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි.


එහිදී බෝරා ප්‍රජාවගේ ආධ්‍යාත්මික සමුළුව සහ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට උපරිම සහය ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.
ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසක බෝරා ප්‍රජාවගේ සාමාජිකයින් පැමිණීමට නියමිතයි.ඔවුන් වෙනුවෙන් ගුවන්තොටුපල පහසුකම් ,ඇතුළු සෙසු පහසුකම් සැපයීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු බෝරා ප්‍රජාවගේ ආගමික නායකයන් පිරිසක් එක්වුණා.