වෘත්තීය පුහුණුවට යොමුවීමේ අඩුව වෙනස් කිරීමට පියවර

නොපුහුණු ශ්‍රමිකයින් පුහුණු කරන ආයතන ආකර්ෂණීය නොවීම හේතුවෙන් වෘත්තීය පුහුණුවට යොමුවීමේ අඩුවක් ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

මේ තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව එතුමිය වැඩිදුරටත් පැවසුවා . 2025.07.04. වන දින පුහුණු මධ්‍යස්ථාන 311 ක් කේන්ද්‍ර කරගත් “ශ්‍රම මෙහෙයුම්” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.
දැනුවත් කිරීම ඔරුගොඩවත්ත කේ ටෙක් තාක්ෂණ පුහුණු ආයතනයේදී සිදුවුණා. මෙය චර්යාමය, පාරිසරික මෙන්ම යහ ධර්ම මත ගොඩනැගෙන “ක්ලීන් ශ්‍රී ලංකාවක්” අරමුණු කරගත් ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන්නකි. වෘත්තීය අධ්‍යාපන අංශයේ ජාතික ,දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයන්හි මෙය ක්‍රියාත්මක කෙරේ.

දේශිය, විදේශීය වෙළෙඳපොලේ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීම ඉල්ලුම සහිත ක්ෂේත්‍රයක වෘත්තී පුහුණුවක් ලබාගත් තරුණයකට පහසු කටයුත්තකි.
සියලු ආකාරයේ වෘත්තීය හා කාර්මික විශේෂත්වයක් ඇති වෘත්තිය අධ්‍යාපන අංශයේ ශක්තිය ඉතා ඉහළ තත්ත්වයක පවතින අතර ඊට අවශ්‍ය කාර්මික විශේෂඥයන් එම ආයතනයන් සතුව ඇත. 125,000කට ආසන්න නව යොවුන් ශිෂ්‍ය ප්‍රජාවක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පාරිසරික ස්ථම්භයක් සමඟ සමාන්තර වන වැඩසටහනකට හොඳ අවකාශයක් විවෘතව ඇතැයිද එතුමිය ප්‍රකාශ කරා.

ජූලි හතරවන දින ආරම්භ වන්නේ ඔබගේ පුහුණු මධ්‍යස්ථානය පිරිසිදු කිරීමක් පමණක් නොවේ.

තාරුණ්‍යයට වෘත්තීය පුහුණුවට කැඳවා පවුල්වල දරිද්‍රතාවය නිම කිරීමටත් ආර්ථික අර්බුදය ක්ලීන් කිරීමටත් එමඟින් තරුණ ඔබ දායකත්වය ලබාදෙන බවද එතුමිය ප්‍රකාශ කරා.මේ අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යය නලින් හේවගේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *