දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්….

ශ‍්‍රී ලංකාවේ නව පාලනය වංචවෙන් දූෂණයෙන් තොරව රට ගොඩනැගීම සඳහා ගනු ලබන ක‍්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් දකුණු අප‍්‍රිකානු ජනරජය තුළ විශ්වාසය සහ පැහැදීමක් ඇති බව දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo Mbeki) මහතා පවසයි. ජාතික ජන බලවේගයේ නායකයින් අද (28) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී හමුවු අවස්තාවෙදි මෙබව ප්‍රකාශ කෙරින . ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මෙම හමුවේදී සුබ පැතුම් එක්කරනලදි.

ශ‍්‍රී ලංකාව තුළ ජාතික සමගිය හා සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ නායකයින් මෙහිදී අදහස පළකරනු ලැබීය. ඉදිරියේදී ශ‍්‍රී ලංකා ආණ්ඩුව දකුණු අප්‍රිකාව සමග ආර්ථික, දේශපාලන හා රාජ්‍යතාන්ත‍්‍රික සමීප සබඳතා පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙම හමුවේදී එකඟ වුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති Sandile Schalk, තාබෝ ම්බෙකි පදනමේ විධායක Maxwell Bÿwaí මහතා, ඇතුලූ පිරිසක් සහභාගි විය. ජාතික ජන බලෙවේගය වෙනුවෙන් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන අය සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *