උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් රජයට පවරා ගනිමේ කිසිදු අරමුණක් නොමැත.
රජය පවසන්නේ ඉඩම් අයිති ජනතාවට කඩිනමින් එම ඉඩම් පවරා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පවසනවා. උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් සම්බන්දයෙන් සාකච්ඡවක් අද පාර්ලිමේන්තුවේ දි පැවත්වුනා.
පැවති රජයන් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරිම සදහා ගෙනගිය වැඩපිලිවෙල පිලිබදව ජනතාව තුල සැකයක් මතු වී ඇතැයි සාකචාවට එක් වූ උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සාකච්ඡාවේදි කියා සිටියා.
ඉඩම් අයිතිය පිලිබද ව ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බවත්, ඒ සදහා ජනතා විශ්වාශය දිනාගත් ක්‍රමවත් වැඩපිලිවෙලක අවශ්‍යතාව මන්ත්‍රින්වරුන් පෙන්වා දුන්හ.
සමහර පිරිස් වංචනිකව ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් ආණ්ඩුව සාධාරණ විසදුමක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ජනතාව තුල තිබෙන බවද මන්ත්‍රීවරුන් පැවසුවා.
නිසි ක්‍රමවේදයක් හදුන්වාදෙමින් නීත්‍යානූකූලව ජනතා සැකය නැති වෙන පරිදි ඉඩම් අයිතිය ලබා දිය යුතු බවත් ජනතාවගේ ඉඩම් රජයට අත්පත් කර දීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවද ආචාර්‍ය හරිනි අමරසූරිය මෙහෙදි කියා සිටියා.
ජනතාව සහ අදාල අංශ සමග සාකච්ඡා කල නිසි විසදුමක් ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය අදාල නිලධාරීන් ට දැනුම් දුන්නා.