ඉරානයේ නවතම බැලස්ටික් මිසයිල ප්‍රහාර වලින් ඊශ්‍රායලයට දැඩි හානි

අද උදෑසන ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඊශ්‍රායලයේ, බෙනි බරක් ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පැවසුවේ‍ය.

ඉරානය අද (ජුනි 16) අළුයම නැවත වරක් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඊශ්‍රායලයේ ජාතික හදිසි සේවා ඒකකය වන මැගන් ඩේවිඩ් ඇඩොම්ට අනුව, මධ්‍යම ඊශ්‍රායලය වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මිය ගොස් තවත් 87 දෙනෙකු තුවාල ලබා ඇත.

මියගිය පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු වන අතර ඔවුන් සියලු දෙනා 70 වන වියේ පසුවන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *