ඊශ්‍රායලය-ඉරාන ගැටුම් උග්‍ර අතට

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම තියුනු ලෙස උත්සන්න වෙමින් පුළුල් මැද පෙරදිග යුද්ධයක් පිළිබඳ බිය මතු කරමින් අතිබව විදෙස් මාධ්‍ය අනතුරු අගවයි .මෙවනවිට ඊශ්‍රායලය විසින් ඉරානයෙ නටාන්ස් සහ ඉස්ෆහාන්හි න්‍යෂ්ටික මධ්‍යස්තාන ඇතුළුව ප්‍රධාන ස්ථාන 100 කට අධික සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇති අතර මෙම ගුවන් සහ ඩ්‍රෝන උපයොගිකරගත් ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම මරනයට පත්ව තිබෙ. ඊශ්‍රායල ආරක්ෂක මූලාශ්‍රවලට අනුව, මෙම ප්‍රහාර වල අරමුනවි ඇත්තෙ ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික හැකියාවන් දුර්වල කිරීමයි.


මහා පරිමාණ පළිගැනීමේ පියවරක් ලෙස, ඉස්ලාමීය ජනරජය මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක්කින් , ටෙල් අවිව්, හයිෆා, ජෙරුසලම සහ අෂ්ඩෝඩ් ඇතුළු ඊශ්‍රායල නගරවලට පහර දෙනලදි. මූලික වාර්තා මගින් අනාවරනය වන පරිදි අවම වශයෙන් ඊශ්‍රායල සිවිල් වැසියන් අට දෙනෙකු මිය ගොස් ඇති අතර විශාල ප්‍රමානයක් තුවාල ලබා ඇත. ඉරානයෙ , ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ 220 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර, මෙම පිරිස බොහෝ දුරට හමුදා සහ ඊට සමිප ප්‍රදේශවල බවත්, ඒ අතර සිවිල් වැසියන්න්ට ද සිටින බවත්ය.

ගෝලීය බලවතුන් මෙ පිලිබන්ද දඩි අවදානය යොමු කරමින් සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ G7 වහාම ගැටුම් අවම කරන ලෙස ඉල්ලා තිබේ. එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ නොවූවත්, කලාපයට සමීපව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සඳහා හදිසි සැලසුම් ක්‍රියාත්මක කර ඇත.

භූ දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ තත්වය අසල්වැසි රටවලට පැතිර යා හැකි අතර ගෝලීය බලශක්ති වෙළඳපොළට දැඩි ලෙස බලපානු ඇති බවයි. ඉරාකය, යේමනය සහ ලෙබනනය්ය ඩක්වා මෙම ගැටුමට ඇදී යා හැකි අතර එමඟින් කලාපය තවදුරටත් අස්ථාවර විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *